කලාකරුවන්ගේ අවුරුදු සිරි
12 April 2026
64 දර්ශන
යාවත්කාලීන: 27 Sep 2026
සුපුරුදු පරිදි කාර්යබහුල කලා කටයුතුවලින් මිදී, ජනප්‍රිය කලාකරුවන් රැසක් මෙවර අලුත් අවුරුද්ද තම ආදරණීයයන් සමඟ සැමරීමට තීරණය කර ඇත. සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, හේමාල් රණසිංහ, යුරේනි නොෂිකා වැනි ජනප්‍රිය තරු, ගම්බිම් බලා යන අතරමග ගත් ඡායාරූප සහ අවුරුදු චාරිත්‍රවලට සූදානම් වන අයුරු දැක්වෙන වීඩියෝ Instagram සහ Facebook හරහා බෙදාගෙන ඇත.
ඇතැම් තරු, සාම්ප්‍රදායික අවුරුදු කෑම මේසය සකස් කරන අයුරු ද මෙම ඡායාරූපවල දැක්වේ. රසිකයන් මෙම ඡායාරූපවලට ඉහළ ප්‍රතිචාර දක්වමින්, තම ප්‍රියතම තරු වෙත අලුත් අවුරුදු සුබපැතුම් එක් කර ඇත.