වසර ගණනාවක් තිස්සේ ආසියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුණු මුකේෂ් අම්බානිට (Mukesh Ambani) සිය කිරුළ අහිමි වී ඇති බව නවතම වාර්තා පවසයි. පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළේ සිදු වූ දැවැන්ත පෙරළියක් සමඟින්, අම්බානිව දෙවැනි තැනට ඇද දමා ආසියාවේ අංක එකේ ධනවතා ලෙස යළිත් ගෞතම් අදානි (Gautam Adani) බලය අල්ලාගෙන තිබේ.
මොකක්ද මේ සිද්ධිය?
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට (Bloomberg Billionaires Index) අනුව අප්‍රේල් 17 වනදා වන විට අදානිගේ ශුද්ධ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 92.6 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙතෙක් පෙරමුණේ සිටි මුකේෂ් අම්බානිගේ වත්කම සටහන් වූයේ ඩොලර් බිලියන 90.8 ක් ලෙසයි.
අම්බානිට මොකද වුණේ?
පසුගිය කාලය පුරා අම්බානිගේ රිලයන්ස් (Reliance) සමාගම් සමූහයේ කොටස් මිල සාපේක්ෂව ස්ථාවරව පැවතියද, අදානි සමූහයට අයත් බලශක්ති, වරාය සහ යටිතල පහසුකම් අංශවල කොටස් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
- විශේෂයෙන්ම අදානි පවර් (Adani Power) සහ අදානි ටෝටල් ගෑස් (Adani Total Gas) වැනි සමාගම්වල ලාභාංශ ඉහළ යාම ඔහුට මෙම ජයග්‍රහණය ලබා ගැනීමට පාර කපා දී ඇත.
ගෝලීය මට්ටමින් කොහොමද?
ආසියාවේ අංක එක අදානි සතු වුවද, ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස තවමත් වැජඹෙන්නේ ටෙස්ලා (Tesla) අධිපති ඊලෝන් මස්ක් ය. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 656 කි. ලෝක මට්ටමින් ගත් කල:
- ගෞතම් අදානි: 19 වන ස්ථානය.
- මුකේෂ් අම්බානි: 20 වන ස්ථානය.
ඉන්දියානු කෝටිපතියන් දෙදෙනා අතර පවතින මෙම "ධනවත්කමේ සටන" ඉදිරි දිනවලදී කොටස් වෙළෙඳපොළ වෙනස්වීම් සමඟ යළිත් උඩුයටිකුරු විය හැකි බව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කසුකුසුවක් පවතී