මෙවර IPL තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 4කට අලෙවි වූ පැතුම් නිස්සංක පිළිබඳව ඉන්දීය මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර තිබේ. ඔහුගේ ස්ථාවර පිතිකරණය දිල්ලි කණ්ඩායමට විශාල ශක්තියක් වනු ඇති බවට ක්‍රිකට් විචාරකයින් අනාවැකි පළ කරයි.